Maduwanwala walawwa
මඩුවන්වෙල වලව්ව
වසර 400කට එහා ඉතිහාසයකට උරුමකම් කියන මේ ඉපැරණි ගෘහය සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරලයේ, කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ මඩුවන්වෙල ග්‍රාමයේ පිහිටා තිබේ. ඉඩම මුලික වැඩවසම් අර්ථ ක්‍රමය ක්‍රියාත්මක වූ ස්ථානයක් ලෙස අදටත් නොනැසී පවතින මෙම වලව්ව ශ්‍රී ලාංකීය ඉතිහාසයේ මහඟු දායාදයක් ලෙස හැදින්විය හැක. මෙම වලව්ව් ආරම්භය පිලිබඳ විවිධ විදිධ පුද්ගලයින් විවධ අදහස් දක්වන අතර I වන විමලධර්ම රජුගේ සමයේ (1591-1604) මෙය ඉදිකරනු ලැබ ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි. මඩුවන්වෙල පරපුරේ මඩුවන්වෙලමහා දිසාවගේ මී මුත්තෙකු ලන්දේසීන්ට විරුද්දව යුදවැද කටුවන ලන්දේසි බලකොටව විනාශ කල බවත් ඉන් ගලවාගෙන ආ බලකොටුවේ දොර වලව්වේ සවි කර ඇති බවත් සඳහන් වේ.
කන්ද උඩරට රජුට සුදු ගෝනෙකු අල්ලා දීමත් , ඔතලෝ නමැති පෘතුග්‍රීසි මන්පහරන්නෙකු මරා හිස භාර දීමත් හේතු කරගෙන මඩුවන්වෙල හා පනාමුරේ නින්දගම් දෙක මඩුවන්වෙල වලව්වට ලැබී ඇත. මඩුවන්වෙල නින්දගම අක්කර 82,000 පමණ වේ.
මඩුවන්වෙල වලව්වේ ශ්‍රේෂ්ටතමයා මඩුවන්වෙල මහා දිසාවේ නමින් හැඳින්වුණු ” වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේලාගේ රාළහාමිගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල රටේ මහතය. ඉතාමත් ශ්‍රේෂ්ට බුද්ධිමත් උගතෙක් උණු ඒ මහතා වලව්ව කාමර 121 ක්, මද මිදුල් 21 ක්, ආරක්‍ෂිත පවුරු 3ක්, අධිකරණ ශාලාවක්, මුරගේවල්, ලිං, පැන් පොකුණු, බෝධිඝර, අස්රිය ගාල්, ධන ධාන්‍ය අටුකොටු සහිත මහා මන්දිරයක් තනා ඇත. දැඩි ඉංග්‍රීසි විරෝදියෙකුහා නිතිය අකුරට ඉටුකල මෙතුමාගේ පරම්පරාවේ අභාවය එතුමන්ගේ දියණිය වූ පුංචි කුමාරිහාමිගේ මරණයත් සමගම සිදුවිය. 1930-1972 දක්වා නින්දගම් රජයට අත් පත් වෙන තෙක් ද ඉන් පසු 1984 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මෙය භාර ගන්නා තෙක් ද කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු නොවූ බැවින් ද, වටිනා බදු මුට්ටු විකිණීමෙන් හා නිසි පාලනයක් නොකිරීමෙන් විනාශ මුඛයට පත්ව ඇත. දැනට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් කාමර 47ක් , මැද මිදුල් 7ක් ආරක්ෂා සහිතව සංරක්ෂණය කර ඇත.
සඳකඩපහණ
මහනුවර යුගයට අයත් ගජසිංහ රූ 2ක් හා මැද නෙලුම් මලක් ද දෙපස සිනිස මල් දෙකක් ද දෙකක් ද වේ. නෙලුම් මල දෙපස ඇත් රූප දෙකකි. වටේට ලිය වැලකි.
දිසාවගේ රුපය සහිත විසිතුරු ලී තොරණ
මෙම සිතුවම ඇන්ද්‍රා නමැති ශිල්පියෙකු ඇඳ ඇත. විවිධ කෝණ වලින් බැලුවද මහා දිසාව තමුන් දෙස බලා සිටින අයුරු දිස් වෙන පරිදි ඇඳි මෙම සිතුවම මනරම්ය.
පිරිත් මණ්ඩපය
ආගමනුකුල කටයුතු වලදී යොදා ගත් ස්ථානය
මැෂින් කාමරය (sewing room)
රත්රන් පවුම් ඇල්ලු තැන
මෙහි මැද මිදුලක් ඇති අතර මැද මිදුල බරාඳය වටා කාමර 3ක් වේ. බිමට පවුම් අල්ල ඇති බවට සාධක අදටත් දැකිය හැක.
බුදු ගෙය
දර්ශණිය බුදු රූ වලින් අලංකාර වී ඇති අතර සොල්දර තට්ටුවට නැගීමට තරප්පු පෙළක් ද තිබී ඇත. වියන් තලය ලියවැල්, නෙලුම් මලින් සිතුවම් වී ඇත.
පීරන ස්ථානය
නාන කාමරය
අංගසම්පූර්ණ නාන කාමරයක් වූ මෙය පිඟන් ගඩොලින් නිමවී ඇත.
අධිකරණ ශාලාවට පිවිසෙන මාර්ගය
කොට බිත්ති යෙදු ලී කණු පියස දෙකට වහලය නිම වූ අඩි 50ක් පමණ දිග මාර්ගයකි.
අධිකරණ ශාලාව
මෙය 1990 දී ඉදි කර ඇත. ශක්තිමත් විශාල දැව කඳන් කණු මත වහලය දරා සිටී. මෙම විශාල දැව කඳන් සැතපුම් 21 ක පමණ දුර සිට තිබෝල්කැටිය ප්‍රදේශයේ සොට ලුවිස් බ්‍රවුන් කොම්පැනිය විසින් ඇතුන් ලවා ගෙන්වා ඇත. ප්‍රධාන දොරටුවේ මුදුනේ හරක් අන් යුගලයක් තිබී ඇත.